Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල් පිටුව නැවුම් පුවත්… සිඟිති තරු

සිඟිති තරු

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

සිඟිති තරු තාරකා විද්‍යා වැඩසටහන :

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය මගින් වයස අවුරුදු 5 සිට 10 දක්වා වූ දරු දැරියන්ගේ තාරකා විද්‍යාවට ඇති ඇල්ම වැඩිදියුණු කිරීමේ අරමුණින් පවත්වනු ලබන සිඟිති තරු තාරකා විද්‍යා වැඩසටහනේ දෙවන බඳවාගැනීම සඳහා දැන් අයදුම්පත් කැඳවනු ලැබේ.

ආරම්භක දිනය      : 2017.02.11
වේලාව               : පෙ.ව. 10.00 - ප.ව. 12.00
ස්ථානය              : ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය    

මෙම වැඩසටහනට සම්බන්ධවීම සඳහා අයදුම්පත් මෙතැනින් බාගතකිරීමට හෝ ග්‍රහලෝකාගාර කාර්යාලයෙන් ලබාගැනීමට පුළුවන.   

නිසි පරිදි පුරවන ලද අයදුම්පත් 2017.02.09 වන දිනට හෝ ඊට ප්‍රථම ග්‍රහලෝකාගාරය වෙත ගෙනවිත් බාරදිය යුතුය.

තෝරාගත් දරුවන් වෙත දුරකථනයෙන් දැනුම් දෙනු ලැබේ.

මෙම වැඩසටහන සෑම සෙනසුරාදා දිනකම ඉහත සඳහන් වේලාවට පැවැත්වෙන අතර මේ සඳහා කිසිදු අයකිරීමක් නොමැත. වැඩසටහන සඳහා බඳවා ගන්නා උපරිම දරු දැරියන් සංඛ්‍යාව 20 ක් බව කරුණාවෙන් සලකන්න.

සිඟිති තරු තාරකා විද්‍යා වැඩසටහන පිළිබඳ වැඩිදුර විමසීම් සඳහා 011 - 2586499 හෝ 077 - 2723283 යන දුරකථන අංක හා සම්බන්ධ වන්න.

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය

අවසන් යාවත්කාලීන කිරීම 2017 පෙබරවාරි 01 වෙනි බදාදා, 07:55  

මුල් පිටුවඅපගේ ග්‍රහලෝකාගාරයබාගතකිරීම්මාර්ගගත සංවාද කවුළුවවිම්සීම්පිටු පෙළගැස්ම