Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල් පිටුව නැවුම් පුවත්… මාසික රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරු

මාසික රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරු

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

2017 ජූනි 30 දින රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරක් :

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය මඟින් මහජනතාවගේ තාරකා විද්‍යා දැනුම වර්ධනය කිරීම උදෙසා පවත්වනු ලබන රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරු මාලාවේ මීළඟ කඳවුර 2017 ජුනි මස 30 වන සිකුරාදා දින පැවැත්වීමට කටයුතු සලසා ඇත. මෙම රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුර ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර භූමියෙහි ප.ව. 7.00 සිට ප.ව. 10.00 දක්වා පොදු මහජනතාව වෙනුවෙන් නොමිලේ පවත්වනු ලැබේ.

එදින අහස වළාකුළු සහිත වුවහොත් හෝ කාලගුණ තත්වය අයහපත් වුවහොත් වැඩසටහන අවලංගු විය හැකි බව කරුණාවෙන් සලකන්න. එබැවින් ඔබ මෙම වැඩසටහනට සහභාගීවීමට අපේක්ෂා කරන්නෙකු නම් එදින ප.ව. 5.00 න් පසු පහත සඳහන් දුරකථන අංක වලින් ග්‍රහලෝකාගාරය අමතා කඳවුර පැවැත්වෙන බව තහවුරු කරගන්න.

මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට අවශ්‍ය නම් 011 – 2586499 හෝ 077 – 2723283 යන දුරකථන හා සම්බන්ධ වන්න.

අවසන් යාවත්කාලීන කිරීම 2017 ජූනි 22 වෙනි බ්‍රහස්පතින්දා, 05:48  

මුල් පිටුවඅපගේ ග්‍රහලෝකාගාරයබාගතකිරීම්මාර්ගගත සංවාද කවුළුවවිම්සීම්පිටු පෙළගැස්ම