Tamil (Sri Lanka)Sinhala (Sri Lanka)
You are here:  Home What's New The Comet C/2020 F8 (SWAN)

The Comet C/2020 F8 (SWAN)

Comet SWAN

 

New comet was discovered by Australian ameture astronomer Michael Mattiazzo! He made this discovery while analyzing data from SOHO in April 2020.

SOHO, ESA/NASA Solar and Heliospheric Observatory is a spacecraft which has been orbiting the Sun for 25 years. It is used to gather data about the Sun. One of the several scientific instruments onboard the spacecraft is Solar Wind ANisotropies (SWAN) instrument, it can capture images in ultraviolet light. The data gathered from the spacecraft are posted online for anyone to analyze.
(https://sohowww.nascom.nasa.gov/data/summary/swan/swan-images.html)

Comets are icy bodies, but when they come closer to the Sun, ice on the surface evaporates and is blown away by solar wind creating a  tale of water vapor. And the solar radiation breaks water(H2O) molecules to create Hydrogen atoms and these hydrogen atoms emit Ultraviolet light (Lyman Alpha) Making them visible to the SWAN instrument.

The Comet C/2020 F8 (SWAN) will come 64 million kilometers closer to the sun at its closest point (perihelion distance) on May 27th. The magnitude of the comet has been increasing ever since the discovery, but experts say that the comet might explode into pieces or might run out of ice before it comes closer to the sun. If that doesn’t happen We might be able to see it with our nacked eyes in the evening sky near the constellation Auriga around May 27th.

Currently it is in the Perseus constellation and can be observed using a telescope.

SWAN ධූමකේතුව

 

ඕස්ට්‍රේලියානු ආධුනික තාරකා විද්‍යාඥ මයිකල් මැටියාසෝ විසින් පසුගිය අප්‍රේල් මාසයේදී SOHO දත්ත විශ්ලේෂණය කිරීමේදී, නව ධුමකේතුවක් සොයා ගන්නා ලදී!

SOHO (ESA / NASA Solar and Heliospheric Observatory) යනු වසර 25 ක් තිස්සේ සූර්යයා වටා කක්ෂගතවී ඇති අභ්‍යවකාශ යානයකි. මෙය සූර්යයා පිළිබඳ දත්ත රැස් කිරීම සඳහා භාවිතා කරයි. SOHO අභ්‍යවකාශ යානයේ ඇති විද්‍යාත්මක උපකරණ කිහිපයෙන් එකක් වන Solar Wind ANisotropies (SWAN) මෙවලම පාරජම්බුල කිරණ ඡායාරූප ලබාගෙනීමට භාවිත කරයි. අභ්‍යවකාශ යානයෙන් ලබාගත්, දත්ත ඕනෑම කෙනෙකුට විශ්ලේෂණය කිරීම සඳහා පහත වෙබ් අඩවියේ පළ කරනු ලැබේ (https://sohowww.nascom.nasa.gov/data/summary/swan/swan-images.html)

වල්ගා තරු අයිස් සහිත වස්තු වන අතර ඒවා සූර්යයාට සමීප වන විට මතුපිට අයිස් ඌර්දවපතනය වී සූර්ය සුළඟ නිසා ජල වාෂ්ප වලිගයක් නිර්මාණය කරයි. සූර්ය විකිරණ නිසා බිඳෙන ජල (H2O) අණු  නිසා  හයිඩ්‍රජන් පරමාණු නිර්මාණය වන අතර  මෙම හයිඩ්‍රජන් පරමාණු පාරජම්බුල කිරණ (Lyman Alpha) විමෝචනය කරයි. එමනිසා එය SOHO යානයේ ඇති SWAN උපකරණයේ ඡායාරූප වලට හසුවේ.

C / 2020 F8 (SWAN) වල්ගා තරුව මැයි 27 වනදා සූර්යයාට කිලෝමීටර් මිලියන 64ක් දක්වා ළඟා වේ (සුර්ය සමීපකය/perihelion). වල්ගා තරුවේ විශාලත්වය වැඩි වෙමින් පවතින නමුත් විශේෂඥයින් පවසන්නේ වල්ගා තරුව කැබලිවලට පුපුරා යාම හෝ එහි ඇති අයිස් මුලුමුලින්ම අවසන් විය හැකි බවයි. එය සිදු නොවුනහොත්, මැයි 27 අසන්න දින වල සවස් වරුවේ Auriga (රියකරු) තාරකා රටාව අසල  අහසේ පියවි ඇසින් දැක ගත හැකි වේ.

දැනට එය Perseus තාරකා රටාව අසල ඇති අතර දුරේක්ෂයක් භාවිතයෙන් නිරීක්ෂණය කළ හැකිය

(Updated :2020.05.21)



Image: https://apod.nasa.gov/apod/image/2005/c2020_f8_2020_05_02dp_1024.jpg



The images from SOHO Michael Mattiazzo used to discover the Comet SWAN.

SWAN ධුමකෙතුව සොයා ගැනීමට මයිකල් මැටියාසෝගේ භාවිත කල SOHO ඡායාරූප.


Image: https://www.esa.int/

 

ඡායාරූප
 

HomeOur PlanetariumDownloadsOnline ForumContact UsSitemap