Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල් පිටුව අපගේ ග්‍රහලෝකාගාරය

අපේ ග්‍රහලෝකාගාරය

ග්‍රහලෝකාගාරයක් යනු කුමක්ද?

ග්‍රහලෝකාගාරයක් යනු මූලිකව තාරකා විද්‍යාව, අභ්‍යාවකාශ විද්‍යාව සහ රාත්‍රී ආකාශය පිළිබඳව අධ්‍යාපනික සහ විනෝදජනක ප්‍රදර්ශන ඉදිරිපත් කිරීම සඳහා හෝ ගගනතරණය සම්බන්ධ පුහුණුවීම් සඳහා ඉදිකර ඇති ප්‍රේක්ෂකාගාරයකි.

එය ස්ථාපනය කළේ කවදා ද?

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් 1965 දී ස්ථාපනය කොට, ලංකා කාර්මික දර්ශනය සඳහා නවතම තාක්ෂණය හඳුන්වාදීමටත් විශේෂයෙන්ම රාත්‍රී ආකාශය නිර්මාණය කිරීමේ හැකියාව ප්‍රදර්ශනය කිරීමටත් 1965 පෙබරවාරි 1 වන දින නිල වශයෙන් විවෘත කරන ලදී.

ගෘහ නිර්මාණ ශිල්පියා කවුද ?

හිටපු ආචාර්ය කේ.එන්.එස්. කුලසිංහ.

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ මුළු ආසන සංඛ්‍යාව කවරේ ද?

පුද්ගලයන් 500 කට එහි ආසන පහසුකම් ඇත.

ග්‍රහලෝකාගාරයේ ගෝලාර්ධයේ රාත්‍රී අහස නිර්මාණය කරන්නේ කෙසේ ද?

විශ්වීය ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් මඟින් රාත්‍රී අහස නිර්මාණය කරයි.

කුමන වර්ගවල ප්‍රක්ෂේපණ යන්ත්‍ර භාවිත කරයි ද?

තාරකා ප්‍රක්ෂේපණ සඳහා වූ කාර්ලි සිඑස් විශ්වීය ප්‍රක්ෂේපණ යන්ත්‍රය

සෞරක්ග්‍රහ මණ්ඩල, ආලෝක ග්‍රහණ, උල්කාපාත වර්ෂා, වල්ගා තරු සඳහා අමතර ප්‍රක්ෂේපණ යන්ත්‍ර

සර්පණ දර්ශන සඳහා GOTO XY සල ප්‍රක්ෂේපණ යන්ත්‍රය

අවසන් යාවත්කාලීන කිරීම 2014 නොවැම්බර් 28 වෙනි සිකුරාදා, 09:59  

මුල් පිටුවඅපගේ ග්‍රහලෝකාගාරයබාගතකිරීම්මාර්ගගත සංවාද කවුළුවවිම්සීම්පිටු පෙළගැස්ම