Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල් පිටුව තාරකා IT විද්‍යාගාරය

තාරකා IT විද්‍යාගාරය

තාරකා IT විද්‍යාගාරයක් යනු කුමක් ද?

තාරකා IT විද්‍යාගාරයක් යනු ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර පරිශ්‍රයේ පිහිටුවා ඇති අධ්‍යාපනික පහසුකමක් වන අතර මෙහිදී තොරතුරු තාක්ෂණය යොදා ගනිමින් තාරකා විද්‍යාව සහ අභ්‍යාවකාශ විද්‍යාව දර්ශනය කර පෙන්වයි.

කෙනෙකු මෙම අභියෝග්‍යතාව ලබාගන්නේ කෙසේ ද?

මෙම අභියෝග්‍යතාව ලබා ගැනීමට ඔබ තාරකා IT විද්‍යාගාරයේ සාමාජිකයකු වී තිබීම අවශ්‍ය වේ.

තාරකා IT විද්‍යාගාරයේ සාමාජිකයකු බවට පත්වීම සඳහා අවශ්‍ය දේ මොනවා ද?

ඇත්තේ කාරණා 2 ක් පමණි.

  1. තාරකා විද්‍යාව හැදෑරීමට ඔබට මහත් උනන්දුවක් තිබිය යුතුය.
  2. ඔබ 7 වන ශ්‍රේණිය හෝ ඊට ඉහළ පාසල් ශිෂ්‍යයකුට සිටිය යුතුය.

මෙම අභියෝග්‍යතාව ලබා ගැනීම සඳහා සාමාජිකයකු වන්නේ කෙසේ ද?

සාමාජිකත්වය සඳහා අයදුම් පත්‍ර සෑම වසරකට නොවැම්බර් මාසයේ නිකුත් කරන අතර නව සාමාජිකයන් ජනවාරි මාසයේ දී ලියාපදිංචි කර ගනී. මේ සඳහා අයදුම්පත්‍රය මෙම වෙබ් අඩවියෙන් බා ගතකර ගැනීමට හෝ ඒවා නිකුත් කරන කාලයේදී ග්‍රහලෝකාගාරයේ කාර්යාලයෙන් ලබාගත හැක. පළමුව පැමිණෙන්නාට පළමුව අවස්ථාව ලැබෙන පදනම මත ලියාපදිංචි කර ගැනීම සිදු කරයි.

කොපමණ කාලයකට සාමාජිකත්වය වලංගුවේ ද?

සාමාජිකත්වය වසරකට පමණක් වලංගු වන අතර ඔබේ සාමාජිකත්වය සෑම වසරකම ඔබට අලුත් කරවා ගත හැක.

ඊළඟ ඇතුළත් කර ගැනීම කවදාද ?

2015 ඔක්තොම්බර්

මෙම අභියෝග්‍යතාව තුළින් කෙබඳු ආකාරයේ දැනුමක් ඔබට ලබාගත හැකි ද?

සෑම සාමාජිකයකුටම මූලික පරිගණක හා තාරකා විද්‍යා දැනුමක් ලබාදෙනු ‍ලැබේ. ඉන්පසු ඔවුන්ව දක්වා ඇති විවිධ තාරකා විද්‍යා ව්‍යාපෘති සහ ක්‍රියාකාරකම් ඔස්සේ මෙහෙවනු ලැබේ.

  • රාත්‍රී අහස නිරීක්ෂණය
  • තාරකාවිද්‍යා පුවත් හසුනක් සැකසීම (කණ්ඩායම් ක්‍රියා)
  • තාරකා විද්‍යා සංසදවලට සහභාගිවීම.
  • තාරකා විද්‍යා ආකෘති නිර්මාණය කිරීම.
  • තාරකා විද්‍යාව දේශන ඉදිරිපත් කිරීම.
  • රාත්‍රී කඳවුරු මෙහෙයවීම ආදී දේ.

මෙම අභියෝග්‍යතාව ලබා ගැනීම සඳහා සාමාජිකයකු වීමෙන් පාසල් ශිෂ්‍යයකුට අත්වන ප්‍රතිලාභ කවරේ ද?

ශ්‍රී ලංකාවේ තාරකා විද්‍යා පිළිබඳ මහත් රුචියක් ඇති පාසල් ශිෂ්‍යයෝ බොහොමයක් වෙති. නමුත් නිසි මාර්ගෝපදේශකත්වය හා අවශ්‍ය මනා අධ්‍යාපනික ද්‍රව්‍ය හිඟකම නිසා දැනුම දියුණු කර ගැනීමට ඔවුහු අපොහොසත් වෙති. තාරකා විද්‍යාගාරයේ සාමාජිකයකු වීමෙන් ශිෂ්‍යයකුට මෙම අවශ්‍යතා දෙකම සම්පූර්ණ කරගත හැක.

ශිෂ්‍යයකුට ඔහුගේ / ඇයගේ තාරකා විද්‍යාව සඳහා ඇති පිපාසය තෘප්තකර ගැනීමට පුළුවන්වනවාට අමතරව, ශ්‍රී ලංකාවේ අනෙකුත් පාසල් ශිෂ්‍යයන්ගේ තාරකා විද්‍යා දැනුම වැඩිදියුණු කිරීමට දායකවීම සහ එමගින් රටේ අධ්‍යාපනික සේවයකම සහභාගි වීමට හැකි වනවා ඇත.

අවසන් යාවත්කාලීන කිරීම 2015 අගෝස්තු 21 වෙනි සිකුරාදා, 06:57  

මුල් පිටුවඅපගේ ග්‍රහලෝකාගාරයබාගතකිරීම්මාර්ගගත සංවාද කවුළුවවිම්සීම්පිටු පෙළගැස්ම