Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල් පිටුව ජංගම ග්‍රහලෝකාගාරය

ජංගම ග්‍රහලෝකාගාරය

ජංගම ග්‍රහලෝකාගාරයක් මඟින් කෙබඳු ආකාරයේ සේවා සපයයි ද?

ඔබ සිටින ස්ථානයේ දී ජංගම ගෝලාර්ධයක සිට ග්‍රහලෝකාගාර දර්ශනයක් දැකගැනීමට හැක.

ජංගම ග්‍රහලෝකාගාරය සපයන අනෙකුත් සේවා කවරේ ද?

රාත්‍රී ආකාශය ප්‍රදර්ශනය කර දැක්වීම
තාරකා විද්‍යා චිත්‍රපට
තාරකා විද්‍යා දේශන

මෙම සේවය ලබාගන්නේ කෙසේ ද?

දුරකථනය මගින් හෝ අප මාර්ගස්ථ වෙබ් අඩවිය භාවිත කරමින් හෝ ඔබ ඉල්ලීමක් කිරීම අවශ්‍යය.

අපේ ඉල්ලීම් තහවුරු වන බව අපි දැනගන්නේ කෙසේ ද?

ග්‍රහලෝකාගාරයෙන් ඔබට ලිපියක් එවනු ඇත.

ඔබ සැපයිය යුතු පහසුකම් කවරේ ද?

පහත සඳහන් දේ සැපයීමේ හැකි විය යුතුය.

  1. 20' x 20' x 13' ප්‍රමාණයේ ආරක්ෂා සේවා ව සහිත පංති කාමරයක් හෝ ශාලාවක්.
  2. විස්තාරක සහිත ශබ්ද විකාශන යන්ත්‍රයක්.
  3. ප්‍රධාන ධාරාවෙන් විදුලිය සැපයීම.
  4. තාරකා විද්‍යා චිත්‍රපටි හා දේශන සඳහා වෙනම ශාලාවක්.

අප කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පස් දෙනෙකු සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට හැකිවිය යුතුයි. තව ද අප රැගෙන එන උපකරණ සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබාදිය යුතුයි.

ජංගම ග්‍රහලෝකාගාරය එළිමහනේ පැවැත්විය හැකි ද?

නිසැකවම නැත.

ගාස්තුව කොපමණ ද?

අයකිරීමක් නැත.

එක් වරකදී දර්ශනයක් සඳහා සිසුන් කොපමණ සංඛ්‍යාවකට ඉඩ සැලසිය හැකි ද?

උපරිම සිසුන් සංඛ්‍යාව 40 කි. එහෙත් දිනකදී දර්ශන කිහිපයක් ඉදිරිපත් කළ හැක.

එක් දර්ශනයක කාලසීමාව කොහොම ද?

මිනිත්තු 30.

දර්ශනයේ අඩංගු මොනවා ද?

එදිනට අදාළ රාත්‍රී ආකාශය.

අවසන් යාවත්කාලීන කිරීම 2011 ජූනි 20 වෙනි සදුදා, 05:05  

මුල් පිටුවඅපගේ ග්‍රහලෝකාගාරයබාගතකිරීම්මාර්ගගත සංවාද කවුළුවවිම්සීම්පිටු පෙළගැස්ම