Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල් පිටුව රාත්‍රී ආකාශ නිරික්ෂණය

රාත්‍රී ආකාශ නිරික්ෂණය

රාත්‍රී අහස නිරීක්ෂණයේ කඳවුරු, ශබ්දය හා ආලෝක දූෂණයෙන් තොර නිසල පරිසරවල පවත්වයි.

මෙම සේවය ලබා ගන්නේ කෙසේ ද?

දුරකථනයෙන් හෝ අපගේ මාර්ගස්ථ වෙබ් ජාලය මඟින් ඔබ ඉල්ලීමක් කිරීම අවශ්‍ය වේ.

අපේ ඉල්ලීම තහවුරු වන බව දැනගන්නේ කෙසේ ද?

ඔබට ග්‍රහලෝකාගාරයෙන් ලිපියක් එවනු ඇත.

ඔබ සැපයිය යුතු පහසුකම් මොනවාද?

පහත සඳහන් දේ සැපයීමට හැකිවිය යුතුය.

  1. වැඩි බාධකවලින් තොර, අහස නිරීක්ෂණය කළහැකි සුදුසු බිමක් (ගස්, ගොඩනැගිලි සහ අනවශ්‍ය ආලෝකය සහ ශබ්ද දූෂණය).
  2. විස්තාරක සහිත ශබ්ද විකාශන යන්ත්‍රයක්.
  3. පුටු කිහිපයක් සමඟ ගුරුමේස 3ක්.
  4. විදුලි පන්දම් 2 ක්.
  5. ප්‍රධාන ධාරාවෙන් ලබාදෙන විදුලි සැපයුමක්.

අප කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පස් දෙනෙකු සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට හැකිවිය යුතුයි. තව ද අප රැගෙන එන උපකරණ සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබාදිය යුතුයි.

ගාස්තුව කොපමණ ද?

අයකිරීමක් නැත.

සහභාගිවිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව කොපමණ ද?

ශිෂ්‍යයන් 250.

කාලසීමාව කුමක් ද?

සවස 6.00 සිට පසුදා උදෑසන දක්වා.

සහභාගිවන්නකු සතුවිය යුතු අයිතම මොනවාද ?

  1. අප විසින් එවන ලද අත්පත්‍රිකාව
  2. රතු සෙලෝපේන් කොළයකින් ආවරණය කර අලුත් බැටරි යොදන ලද විදුලි පන්දමක්
  3. පැන්සලක් සහ මකනයක්
  4. කතුරක්
  5. ගම් බෝතලයක්
  6. A4 ප්‍රමාණයේ කාඩ්බෝඩ් කෑලි 4 ක්
  7. නූල් කෑල්ලක්
  8. බීම බටයක්
  9. සවිකුරු ඇණ කිහිපයක් (Drawing pins)

අපගේ වෙන් කිරීම සනාථ බව අප දැනගන්නේ කෙසේ ද?

අවශ්‍ය සියලු ලිපි ලේඛන (අත් පත්‍රිකා) සමඟ තහවුරු කිරීමේ ලිපියක් අපි ඔබට එවමු.

රාත්‍රියේ දී කෙබඳු ආකාරයේ වැඩසටහන් ඉදිරිපත් කරයි ද?

  1. දුරේක්ෂයකින් රාත්‍රී අහස නිරීක්ෂණය කිරීම.
  2. තාරකා මණ්ඩල හඳුනා ගැනීම.
  3. තාරකා සිතියම් කියවීම.
  4. තාරකා සිතියම්ගත කිරීම.
  5. උපන් වෙලාව අනුව ජන්ම පත්‍ර රාශිය සොයා ගැනීම.
  6. අභ්‍යවකාශ විද්‍යා දේශන.
  7. අභ්‍යවකාශ චිත්‍රපට.
  8. විනෝදජනක ක්‍රියාකාරකම්.

රාත්‍රී කඳවුරකට සහභාගි විය හැක්කේ කාට ද?

  • ශිෂ්‍යයන්
  • පාසල් ගුරුවරුන්
  • ගගනතරණ නිලධාරීන්

රාත්‍රී කඳවුරුවල භාවිත කරන දුරේක්ෂ කවරේ ද?

නිව්ටෝනියනු දුරේක්ෂය

වර්තක දුරේක්ෂය

ජීපීඑස් (GPS) සහිත ෂිමිඩි - කැස්ග්‍රේන් දුරේක්ෂය

විවරය : 6"
උපනෙත් : 25mm (50x)

විවරය : 4"
උපනෙත් : 25mm (30x)

විවරය : 280mm (11")
නාභි දුර : 2800 mm ƒ/10
උපනෙත් : 40mm (70x)
ෆයින්ඩස්කෝපය : 8x50
ආලේපය : තාරා දීප්ත වර්ණය
ජී.පී.එස් : අභ්‍යන්තර
වස්තුවේ දත්ත ගබඩාව : 40,000+
ස්කන්ධය : 84 lbs

අවසන් යාවත්කාලීන කිරීම 2011 ජූනි 20 වෙනි සදුදා, 05:20  

මුල් පිටුවඅපගේ ග්‍රහලෝකාගාරයබාගතකිරීම්මාර්ගගත සංවාද කවුළුවවිම්සීම්පිටු පෙළගැස්ම