Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල් පිටුව තාරකා විද්‍යා දින දර්ශනය

2017 තාරකා විද්‍යා දින දසුන

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

ජනවාරි 3, 4 - ක්වඩ්රන්ටිඩ්ස් උල්කාපාත වර්ෂාව

ක්වඩ්රන්ටිඩ්ස් උල්කාපාත වර්ෂාව එහි උපරිම තීව්රතාවයෙන් පවතින අවස්ථාවේ දී පැයකට උල්කාපාත 40 ක් පමණ දැකිය හැක. මෙම උල්කාපාත වර්ෂාව ඇතිවන්නේ 2003 EH1 නම් අභාවයට ගිය වල්ගාතරුවක් විසින් දමා ගිය දූවිලි අංශු වලින් බව විශ්වාස කෙරේ. සෑම වර්ෂයකම ජනවාරි 1 සිට 5 දක්වා මෙම උල්කාපාත වර්ෂාව දර්ශනය වේ. මේ වසරේ දී එය උපරිම තීව්රතාවයෙන් දැක ගත හැක්කේ ජනවාරි 3 රාත්‍රී සහ 4 පාන්දරට වන්නටය. මධ්‍යම රාත්‍රියට පසු අඳුරු ස්ථානයක සිට මෙය නැරඹීම වඩාත් සුදුසුය. උල්කාපාත විහිදෙන්නේ එඬේරා තාරකා රාශිය දෙසින් වුවත් අහසේ ඕනෑම තැනකින් උල්කාපාත දිස්විය හැක.

ජනවාරි 12 - පුර පසළොස්වක

මෙදිනට සූර්යයා සහ චන්ද්‍රයා පෘථිවිය දෙපසින් පිහිටන බැවින් චන්ද්‍රයා රාත්‍රී අහසේ සම්පූර්ණයෙන්ම ආලෝකමත් ව දිස්වේ.

ජනවාරි 12 - සිකුරු සහ සූර්යයා උපරිම කෝණික පරතරයකින් පිහිටයි

සිකුරු ග්‍රහලෝකය සහ සූර්යයා අංශක 47.1 ක උපරිම කෝණික පරතරයකින් පිහිටයි. සිකුරු ග්‍රහලොව නිරීක්ෂණය කිරීමට මෙය කදිම අවස්ථාවකි. ඒ මන්ද යත් ක්ෂිතිජයේ සිට පැවතිය හැකි ඉහළම ලක්ෂයේ සිකුරු පැවතීමයි. හිරු බැස යාමත් සමගම බටහිර අහසේ ක්ෂිතිජයට ඉහළින් සිකුරු ග්‍රහලොව ඉතා දීප්තිමත්ව දිස්වනු ඇත.

ජනවාරි 19 - බුධ සහ සූර්යයා උපරිම කෝණික පරතරයකින් පිහිටයි

බුධ ග්‍රහලෝකය සහ සූර්යයා අංශක 24.1 ක උපරිම කෝණික පරතරයකින් පිහිටයි. බුධ ග්‍රහලොව නිරීක්ෂණය කිරීමට මෙය කදිම අවස්ථාවකි. හිරු උදාවට පෙර නැගෙණහිර අහසේ ක්ෂිතිජයට මඳක් ඉහළින් බුධ ග්‍රහලොව තරමක් දීප්තිමත්ව දිස්වනු ඇත.


ජනවාරි 28 - අමාවක

 

මෙදිනට සූර්යයා සහ චන්ද්‍රයා යන දෙකම පෘථිවියට එකම පසකින් පිහිටන බැවින් රාත්‍රී අහසේ චන්ද්‍රයා දිස් නොවේ. රාත්‍රී අහසේ චන්ද්‍රාලෝකය නැති බැවින් එහි ඇති මන්දාකිණි, තරු පොකුරු වැනි අඩුවෙන් ආලෝකමත් ආකාශ වස්තූන් නිරීක්ෂණයට මෙය සුදුසුම අවස්ථාවකි.


පෙබරවාරි 11 – පුරපසළොස්වක (පුරසඳ)

මෙදිනට සූර්යයා සහ චන්ද්‍රයා පෘථිවිය දෙපසින් පිහිටන බැවින් චන්ද්‍රයාගේ පෘථිවිය දෙසට මුහුණලා ඇති පැත්තට සූර්ය්‍යාලෝකය පතිත වේ. එබැවින් මෙදින රාත්‍රී අහසේ චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම ආලෝකමත් ව දිස්වේ.

පෙබරවාරි 11 - උපඡායා චන්ද්‍රග්‍රහණයක්

චන්ද්‍රග්‍රහණයක් සිදුවන්නේ පෘථිවියේ සෙවණැල්ල හරහා චන්ද්‍රයා චන්ද්‍රයා ගමන් කිරීමේදීය. මෙවැන්නක් සිදුවීමට නම් හිරු සහ සඳු, පෘථිවිය දෙපසින් ආසන්න වශයෙන් එකම රේඛාවක් ඔස්සේ පිහිටා තිබිය යුතුය. මෙවිට පෘථිවියේ සෙවණැල්ල සඳ මතට වැටී චන්ද්‍රයා මඳක් අඳුරු වේ.

පෘථිවියේ සෙවණැල්ල කොටස් දෙකකින් සමන්විත වේ. ඒ ප්‍රධාන ඡායාව සහ උපඡායාව යනුවෙනි.  උපඡායා චන්ද්‍රග්‍රහණයක් සිදුවන්නේ පෘථිවියේ  උපඡායාව හරහා චන්ද්‍රයා චන්ද්‍රයා ගමන් කිරීමේදීය. නමුත් ප්‍රධාන ඡායා චන්ද්‍රග්‍රහණයක දී මෙන් නොව උපඡායා චන්ද්‍රග්‍රහණයක් සිදුවන අවස්ථාවක දී චන්ද්‍රයා අඳුරු වන්නේ ඉතා මඳ වශයෙනි.

මෙදින සිදුවන උපඡායා චන්ද්‍රග්‍රහණය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 4.04 ට ය. එහි උපරිම අවස්ථාව පෙ.ව. 6.13 ට සිදුවන අතර පෙ.ව. 6.28 ට පමණ චන්ද්‍රයා බටහිරින් බැසයයි.

පෙබරවාරි 26 - අමාවක

මෙදිනට සූර්යයා සහ චන්ද්‍රයා යන දෙකම පෘථිවියට එකම පසකින් පිහිටන බැවින් රාත්‍රී අහසේ චන්ද්‍රයා දිස් නොවේ. එදින රාත්‍රී අහසේ චන්ද්‍රාලෝකය නැති බැවින් එහි ඇති මන්දාකිණි, නිහාරිකා, තරු පොකුරු වැනි අඩුවෙන් ආලෝකමත් ආකාශ වස්තූන් දුරේක්ෂයක් ආධාරයෙන් නිරීක්ෂණයට මෙය කදිම අවස්ථාවකි.

 

පෙබරවාරි 26 - වලයාකාර සූර්යග්‍රහණයක්

මෙම සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට දර්ශනය නොවේ.

මාර්තු 12 - පුරපසළොස්වක (පුරසඳ)

මෙදිනට සූර්යයා සහ චන්ද්‍රයා පෘථිවිය දෙපසින් පිහිටන බැවින් චන්ද්‍රයාගේ පෘථිවිය දෙසට මුහුණලා ඇති පැත්තට සූර්ය්‍යාලෝකය පතිත වේ. එබැවින් මෙදින රාත්‍රී අහසේ චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම ආලෝකමත් ව දිස්වේ.

මාර්තු 20 - මාර්තු විෂුවය

මෙදින සූර්යයා සමකයට මුදුන්වේ. මෙය සිදුවන්නේ හරියටම ප.ව. 3.59 ට ය. මෙදිනට ලොව පුරාම එක හා සමාන දිවා කාලයක් සහ රාත්‍රී කාලයක් පවතී. මෙය පෘථිවියේ උතුරු අර්ධ ගෝලයට වසන්ත ඍතුව උදාවන දිනයයි. එබැවින් මෙදින වසන්ත විෂුවය ලෙස ද හැඳින්වේ.

මාර්තු 28 - අමාවක

මෙදිනට සූර්යයා සහ චන්ද්‍රයා යන දෙකම පෘථිවියට එකම පසකින් පිහිටන බැවින් රාත්‍රී අහසේ චන්ද්‍රයා දිස් නොවේ. එදින රාත්‍රී අහසේ චන්ද්‍රාලෝකය නැති බැවින් එහි ඇති මන්දාකිණි, නිහාරිකා, තරු පොකුරු වැනි අඩුවෙන් ආලෝකමත් ආකාශ වස්තූන් දුරේක්ෂයක් ආධාරයෙන් නිරීක්ෂණය කිරීමට මෙය කදිම අවස්ථාවකි.


අප්‍රේල් 1 - බුධ සහ සූර්යයා උපරිම කෝණික පරතරයකින් පිහිටයි

බුධ ග්‍රහලෝකය සහ සූර්යයා අංශක 19 ක උපරිම කෝණික පරතරයකින් පිහිටයි. බුධ ග්‍රහලොව නිරීක්ෂණය කිරීමට මෙය කදිම අවස්ථාවකි.හිරු බැස යාමත් සමගම බටහිර අහසේ ක්ෂිතිජයට මඳක් ඉහළින් බුධ ග්‍රහලොව තරමක් දීප්තිමත්ව දිස්වනු ඇත.

අප්‍රේල් 7 – බ්‍රහස්පති පෘථිවියට වඩාත් සමීප වේ

මේ වසර තුළ දී බ්‍රහස්පති ග්‍රහලෝකය පෘථිවියට වඩාත්ම සමීප වන දිනයයි. සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක අට අතරින් විශාලතම ග්‍රහලෝකය වන බ්‍රහස්පති වසරේ අන් කවරදාටත් වඩා දීප්තිමත් ව මුළු රාත්‍රිය පුරාම දැක ගැනීමට හැකිවේ.  මෙදින හිරු සහ බ්‍රහස්පති, පෘථිවිය දෙපසින් එකිනෙකට විරුද්ධ දිශාවල පිහිටන බැවින් බ්‍රහස්පති ග්‍රහයා ඉතාමත් හොඳින් ආලෝකමත්ව දිස්වේ. බ්‍රහස්පති සහ බ්‍රහස්පතිගේ චන්ද්‍රයින් නැරඹීමට සහ ඡායාරූප ගතකිරීමට සුදුසුම දිනයකි. දෙනෙතියක් (Binocular) තුළින් බ්‍රහස්පතිගේ විශාලතම චන්ද්‍රයින් හතර දෙනා දීප්තිමත් තිත් ආකාරයට බ්‍රහස්පති දෙපසින් දැකගත හැකිවනු ඇත. මධ්‍යම ප්‍රමාණයේ දුරේක්ෂයකින් බ්‍රහස්පති මත ඇති වායු තීරු ද නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇත.

අප්‍රේල් 11 - පුරපසළොස්වක (පුරසඳ)

මෙදිනට සූර්යයා සහ චන්ද්‍රයා පෘථිවිය දෙපසින් පිහිටන බැවින් චන්ද්‍රයාගේ පෘථිවිය දෙසට මුහුණලා ඇති පැත්තට සූර්ය්‍යාලෝකය පතිත වේ. එබැවින් මෙදින රාත්‍රී අහසේ චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම ආලෝකමත් ව දිස්වේ.

අප්‍රේල් 22, 23 - ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව

මධ්‍යම ප්‍රමාණයේ උල්කාපාත වර්ෂාවක් වන ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව එහි උපරිම තීව්රතාවයෙන් පවතින අවස්ථාවේදී පැයකට උල්කාපාත 20 ක් පමණ දැකගත හැකිය. මෙම උල්කාපාත වර්ෂාවට හේතුව වන්නේ 1861 දී සොයාගත් C/1861 G1 තැචර් නම් ධූමකේතුවේ ගමන් මාර්ගය හරහා අපේ පෘථිවිය ගමන් කිරීමයි. එවිට එම ධූමකේතුව විසින් දමාගිය ධූවිලි අංශු පෘථිවි වායුගෝලය හරහා ගමන් කිරීම නිසා ඝර්ෂණය නිසා රත්වී දැවී ගිනිගෙන දීප්තිමත් සලකුණු අහසේ සටහන් කරයි. සෑම වසරකම අප්‍රේල් 16 – 25 අතර කාලය තුල මෙම උල්කාපාත වර්ෂාව දැකගත හැකිය. මේ වසරේදී එහි උපරිම අවස්ථාව 22 රාත්‍රී සහ 23 පාන්දරට යෙදී ඇත. මෙම උල්කාපාත වර්ෂාව නිරීක්ෂණයට වඩාත්ම උචිත මධ්‍යම රාත්‍රියට පසුවය. ලයිරා හෙවත් වීණාව තාරකා රූපය දෙසින් විහිදෙන ආකාරයට උල්කාපාත නිරීක්ෂණය කල හැකි වනු ඇති අතර මෙදින රාත්‍රී 11.00 ට පමණ ලයිරා රාශිය ඊසාන දෙසින් උදාවේ.

අප්‍රේල් 26 - අමාවක


මෙදිනට සූර්යයා සහ චන්ද්‍රයා යන ආකාශ වස්තූන් දෙකම පෘථිවියට එකම පසකින් පිහිටන බැවින් රාත්‍රී අහසේ චන්ද්‍රයා දිස් නොවේ. එදින රාත්‍රී අහසේ චන්ද්‍රාලෝකය නැති බැවින් එහි ඇති මන්දාකිණි, නිහාරිකා, තරු පොකුරු වැනි අඩුවෙන් ආලෝකමත් ආකාශ වස්තූන් දුරේක්ෂයක් ආධාරයෙන් නිරීක්ෂණයට මෙය කදිම අවස්ථාවකි.

 

මැයි 6, 7 -  ඊටා ඇක්වරිඩ්ස් උල්කාපාත වර්ෂාව

ඊටා ඇක්වරිඩ්ස් උල්කාපාත වර්ෂාව තරමක් සුවිශේෂී උල්කාපාත වර්ෂාවකි. ඒ මන්ද යත් එහි උපරිම තීව්රතාවයෙන් පවතින අවස්ථාවේ දී පැයකට උල්කාපාත 60 ක් පමණ දැකිය හැකි නිසාය. මෙම උල්කාපාත වර්ෂාව ඇතිවන්නේ හැලීගේ වල්ගාතරුවක් විසින් දමා ගිය දූවිලි අංශු වලිනි. සෑම වර්ෂයකම අප්‍රේල් 19 සිට මැයි 28 දක්වා මෙම උල්කාපාත වර්ෂාව දර්ශනය වේ. මේ වසරේ දී එය උපරිම තීව්රතාවයෙන් දැක ගත හැක්කේ මැයි 6 දින රාත්‍රීයට සහ මැයි 7 දින පාන්දරට වන්නටය. මධ්‍යම රාත්‍රියට පසු අඳුරු ස්ථානයක සිට මෙය නැරඹීම වඩාත් සුදුසුය.මෙවර මෙම උල්කාපාත නිරීක්ෂණයට චන්ද්‍රාලෝකය තරමක බාධාවක් වනු ඇත. උල්කාපාත විහිදෙන්නේ කුම්භ තාරකා රාශිය දෙසින් වුවත් අහසේ ඕනෑම තැනකින් උල්කාපාත දිස්විය හැක.


මැයි 10 -  පුරපසළොස්වක (පුරසඳ)

මෙදිනට සූර්යයා සහ චන්ද්‍රයා පෘථිවිය දෙපසින් පිහිටන බැවින් චන්ද්‍රයාගේ පෘථිවිය දෙසට මුහුණලා ඇති පැත්තට සූර්ය්‍යාලෝකය පතිත වේ. එබැවින් මෙදින රාත්‍රී අහසේ චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම ආලෝකමත් ව දිස්වේ.

මැයි 17 -  බුධ සහ සූර්යයා උපරිම කෝණික පරතරයකින් පිහිටයි

බුධ ග්‍රහලෝකය සහ සූර්යයා අංශක 25.8 ක උපරිම කෝණික පරතරයකින් පිහිටයි. බුධ ග්‍රහලොව නිරීක්ෂණය කිරීමට මෙය කදිම අවස්ථාවකි. හිරු උදාවට පෙර නැගෙණහිර අහසේ ක්ෂිතිජයට මඳක් ඉහළින් බුධ ග්‍රහලොව තරමක් දීප්තිමත්ව දිස්වනු ඇත.

මැයි 25 -  අමාවක

මෙදිනට සූර්යයා සහ චන්ද්‍රයා යන ආකාශ වස්තූන් දෙකම පෘථිවියට එකම පසකින් පිහිටන බැවින් රාත්‍රී අහසේ චන්ද්‍රයා දිස් නොවේ. එදින රාත්‍රී අහසේ චන්ද්‍රාලෝකය නැති බැවින් එහි ඇති මන්දාකිණි, නිහාරිකා, තරු පොකුරු වැනි අඩුවෙන් ආලෝකමත් ආකාශ වස්තූන් දුරේක්ෂයක් ආධාරයෙන් නිරීක්ෂණයට මෙය කදිම අවස්ථාවකි.

ජූනි 3 – සිකුරු සහ සූර්යයා උපරිම කෝණික පරතරයකින් පිහිටයි

සිකුරු ග්‍රහලෝකය සහ සූර්යයා අංශක 45.9  ක උපරිම කෝණික පරතරයකින් පිහිටයි. සිකුරු ග්‍රහලොව නිරීක්ෂණය කිරීමට මෙය කදිම අවස්ථාවකි. පාන්දර 3.00 ට පමණ උදාවන සිකුරු, නැගෙනහිර අහසේ  ක්ෂිතිජයට ඉහළින් ඉතා දීප්තිමත්ව දිස්වනු ඇත.

ජූනි 9 – පුරපසළොස්වක (පුරසඳ)

මෙදිනට සූර්යයා සහ චන්ද්‍රයා පෘථිවිය දෙපසින් පිහිටන බැවින් චන්ද්‍රයාගේ පෘථිවිය දෙසට මුහුණලා ඇති පැත්තට සූර්ය්‍යාලෝකය පතිත වේ. එබැවින් මෙදින රාත්‍රී අහසේ චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම ආලෝකමත් ව දිස්වේ.

 

ජූනි 15 - සෙනසුරු පෘථිවියට සමීප වේ

ජූනි 21 - කටක සූර්ය නිවෘත්තිය


ජූනි 24 - අමාවක

මෙදිනට සූර්යයා සහ චන්ද්‍රයා යන දෙකම පෘථිවියට එකම පසකින් පිහිටන බැවින් රාත්‍රී අහසේ චන්ද්‍රයා දිස් නොවේ. එදින රාත්‍රී අහසේ චන්ද්‍රාලෝකය නැති බැවින් එහි ඇති මන්දාකිණි, නිහාරිකා, තරු පොකුරු වැනි අඩුවෙන් ආලෝකමත් ආකාශ වස්තූන් දුරේක්ෂයක් ආධාරයෙන් නිරීක්ෂණය කිරීමට මෙය කදිම අවස්ථාවකි.

අවසන් යාවත්කාලීන කිරීම 2016 දෙසැම්බර් 28 වෙනි බදාදා, 13:40  

මුල් පිටුවඅපගේ ග්‍රහලෝකාගාරයබාගතකිරීම්මාර්ගගත සංවාද කවුළුවවිම්සීම්පිටු පෙළගැස්ම