Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල් පිටුව
නැවුම් පුවත්…


ඉරිදා විශේෂ ආරාධිත දේශණය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

 

මෙම ඉරිදා (2018.03.04) පෙ.ව. 10.00 ට “විශ්වය සහ එහි සම්භවය” යන මාතෘකාව යටතේ විශේෂ ආරාධිත දේශණයක් කොළඹ විශ්වවිද්‍යාලයේ, භෞතික විද්‍යා අධ්‍යනාංශයේ, මහාචාර්ය චන්දන ජයරත්න මහතා විසින් පවත්වනු ලැබේ. එම දේශණය අවසානයේ දී සාමාන්‍ය පරිදි ග්‍රහලෝකාගාර දර්ශණය ද පැවැත්වේ.


 


අවසන් යාවත්කාලීන කිරීම 2018 මාර්තු 02 වෙනි සිකුරාදා, 11:02
 

National Science Week - 2017

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

ලෝක විද්‍යා දිනය හා ජාතික විද්‍යා සතිය සැමරීම - 2017 නොවැම්බර් 10 සිට 17 දක්වා

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය විසින් 2017 නොවැම්බර් 10 දිනයට යෙදෙන ලෝක විද්‍යා දිනයට සමගාමීව ජාතික විද්‍යා සතිය සැමරීම නොවැම්බර් 10 සිට 17 දක්වා ග්‍රහලෝකාගාර පරිශ්‍රයේ දී සිදුකෙරේ.

වැඩි විස්තර සඳහා 0112 586 499 යන දුරකථන අංකය හා සම්බන්ධ වන්න.

වැඩසටහන් විස්තරය:


දිනය

සිදුවීම

වේලාව

2017-11-10

රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුර

ප.ව. 6.00 සිට පෙ.ව. 6.00

දිශාව පෙන්වන තරු හඳුනා ගැනීම

ප.ව. 6.00 සිට ප.ව. 6.30

පරිගණක සහ ජංගම දුරකථන සඳහා තාරකා විද්‍යාත්මක යෙදුම්

ප.ව. 8.00 සිට ප.ව. 8.30

දුරේක්ෂය හැඳින්වීම

ප.ව. 10.00 සිට ප.ව. 10.30

සූර්යයා සහ පෘථිවිය මත එහි බලපෑම

පෙ.ව. 12.00 සිට පෙ.ව. 12.30

පොලිතින් භාවිතයේ පාරිසරික ගැටළු/ බලපෑම

පෙ.ව. 2.00 සිට පෙ.ව. 2.30

21 වන සියවසේ තාරකා විද්‍යාව

පෙ.ව. 4.00 සිට පෙ.ව. 4.30

ජල රොකට් ගුවන් ගත කිරීම

පෙ.ව. 5.00 සිට පෙ.ව. 6.00

2017-11-11

පරිගණක සහ ජංගම දුරකථන සඳහා තාරකා විද්‍යාත්මක යෙදුම් (දේශනය)

පෙ.ව. 10.00 සහ ප.ව. 2.00

2017-11-13

දිශාව පෙන්වන තරු හඳුනා ගැනීම (දේශනය)

පෙ.ව. 10.00 සහ ප.ව. 2.00

2017-11-14

දුරේක්ෂය හැඳින්වීම (දේශනය)

පෙ.ව. 10.00 සහ ප.ව. 2.00

2017-11-15

සූර්යයා සහ පෘථිවිය මත එහි බලපෑම (දේශනය)

පෙ.ව. 10.00 සහ ප.ව. 2.00

2017-11-16

පොලිතින් භාවිතයේ පාරිසරික ගැටළු/ බලපෑම (දේශනය)

පෙ.ව. 10.00 සහ ප.ව. 2.00

2017-11-17

21 වන සියවසේ තාරකා විද්‍යාව (දේශනය)

පෙ.ව. 10.00 සහ ප.ව. 2.00

අවසන් යාවත්කාලීන කිරීම 2017 ඔක්තෝබර් 28 වෙනි සෙනසුරාදා, 05:28
 

විශේෂ තාරකා විද්‍යා දේශනයක්

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් සරසවියේ සේවය කළ ආචාර්ය එලීනා ට(ර්)ලෙවිච් මහත්මිය විසින් “තරුවක උපත සහ විශ්වයේ එදා සිට අද දක්වා මූලද්‍රව්‍ය වල විකාශනය” යන මැයෙන් විශේෂ තාරකා විද්‍යා දේශනයක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් 2017 ජුලි මස 15 (සෙනසුරාදා) දින ප.ව. 6.00 සිට  ප.ව.7.30 දක්වා ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ දී පවත්වනු ලැබේ.

ඒ සඳහා තාරකා විද්‍යාවට ලැදි ඕනෑම අයෙකුට සහභාගී විය හැක.

මේ පිළිබඳව ඔබට වැඩිදුර විස්තර දැනගැනීමට අවශ්‍ය නම් 077 – 2723283 (නාලක අබේසේකර) යන දුරකථන අංකය හා සම්බන්ධ වන්න.


අවසන් යාවත්කාලීන කිරීම 2017 ජූලි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:18
 

මාසික රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරු

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

2017 ජූනි 30 දින රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරක් :

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය මඟින් මහජනතාවගේ තාරකා විද්‍යා දැනුම වර්ධනය කිරීම උදෙසා පවත්වනු ලබන රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරු මාලාවේ මීළඟ කඳවුර 2017 ජුනි මස 30 වන සිකුරාදා දින පැවැත්වීමට කටයුතු සලසා ඇත. මෙම රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුර ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර භූමියෙහි ප.ව. 7.00 සිට ප.ව. 10.00 දක්වා පොදු මහජනතාව වෙනුවෙන් නොමිලේ පවත්වනු ලැබේ.

එදින අහස වළාකුළු සහිත වුවහොත් හෝ කාලගුණ තත්වය අයහපත් වුවහොත් වැඩසටහන අවලංගු විය හැකි බව කරුණාවෙන් සලකන්න. එබැවින් ඔබ මෙම වැඩසටහනට සහභාගීවීමට අපේක්ෂා කරන්නෙකු නම් එදින ප.ව. 5.00 න් පසු පහත සඳහන් දුරකථන අංක වලින් ග්‍රහලෝකාගාරය අමතා කඳවුර පැවැත්වෙන බව තහවුරු කරගන්න.

මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට අවශ්‍ය නම් 011 – 2586499 හෝ 077 – 2723283 යන දුරකථන හා සම්බන්ධ වන්න.

අවසන් යාවත්කාලීන කිරීම 2017 ජූනි 22 වෙනි බ්‍රහස්පතින්දා, 05:48
 

සිඟිති තරු

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

සිඟිති තරු තාරකා විද්‍යා වැඩසටහන :

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය මගින් වයස අවුරුදු 5 සිට 10 දක්වා වූ දරු දැරියන්ගේ තාරකා විද්‍යාවට ඇති ඇල්ම වැඩිදියුණු කිරීමේ අරමුණින් පවත්වනු ලබන සිඟිති තරු තාරකා විද්‍යා වැඩසටහනේ දෙවන බඳවාගැනීම සඳහා දැන් අයදුම්පත් කැඳවනු ලැබේ.

ආරම්භක දිනය      : 2017.02.11
වේලාව               : පෙ.ව. 10.00 - ප.ව. 12.00
ස්ථානය              : ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය    

මෙම වැඩසටහනට සම්බන්ධවීම සඳහා අයදුම්පත් මෙතැනින් බාගතකිරීමට හෝ ග්‍රහලෝකාගාර කාර්යාලයෙන් ලබාගැනීමට පුළුවන.   

නිසි පරිදි පුරවන ලද අයදුම්පත් 2017.02.09 වන දිනට හෝ ඊට ප්‍රථම ග්‍රහලෝකාගාරය වෙත ගෙනවිත් බාරදිය යුතුය.

තෝරාගත් දරුවන් වෙත දුරකථනයෙන් දැනුම් දෙනු ලැබේ.

මෙම වැඩසටහන සෑම සෙනසුරාදා දිනකම ඉහත සඳහන් වේලාවට පැවැත්වෙන අතර මේ සඳහා කිසිදු අයකිරීමක් නොමැත. වැඩසටහන සඳහා බඳවා ගන්නා උපරිම දරු දැරියන් සංඛ්‍යාව 20 ක් බව කරුණාවෙන් සලකන්න.

සිඟිති තරු තාරකා විද්‍යා වැඩසටහන පිළිබඳ වැඩිදුර විමසීම් සඳහා 011 - 2586499 හෝ 077 - 2723283 යන දුරකථන අංක හා සම්බන්ධ වන්න.

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය

අවසන් යාවත්කාලීන කිරීම 2017 පෙබරවාරි 01 වෙනි බදාදා, 07:55
 



මුල් පිටුවඅපගේ ග්‍රහලෝකාගාරයබාගතකිරීම්මාර්ගගත සංවාද කවුළුවවිම්සීම්පිටු පෙළගැස්ම