COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් සෙනසුරාදා දිනවල පෙ.ව. 10.00 ට සහ ප.ව. 02.00 ට පමණක් ග්‍රහලෝකාගාර දර්ශන පැවැත්වේ.
අඟහරුවාදා සිට සිකුරාදා දක්වා දිනයන් පාසල් දර්ශන සඳහා වෙන්කරගත හැක.
දර්ශන වේලාවට පැය භාගයකට පෙර ග්‍රහලෝකාගාරයට පැමිණෙන්න.
සඳුදා සහ රජයේ නිවාඩු දිනවල ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය වසා ඇත.
වැඩි විස්තර සඳහා අප අමතන්න:
(+94) 11 2586 499
COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් සෙනසුරාදා දිනවල පෙ.ව. 10.00 ට සහ ප.ව. 02.00 ට පමණක් ග්‍රහලෝකාගාර දර්ශන පැවැත්වේ.
අඟහරුවාදා සිට සිකුරාදා දක්වා දිනයන් පාසල් දර්ශන සඳහා වෙන්කරගත හැක.
දර්ශන වේලාවට පැය භාගයකට පෙර ග්‍රහලෝකාගාරයට පැමිණෙන්න.
සඳුදා සහ රජයේ නිවාඩු දිනවල ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය වසා ඇත.
වැඩි විස්තර සඳහා අප අමතන්න:
(+94) 11 2586 499
පාසල් සිසුන් සඳහා | වැඩිහිටියන් සඳහා | |
සතියේ දින | රු : 30.00 * | රු : 100.00 |
සති අන්ත දින | රු : 50.00 ** | රු : 100.00 |
* පාසල් නිල ඇඳුමින් පැමිණෙන සිසුන් සඳහා පමණි
** අවුරුදු 12 ට අඩු ළමුන් සඳහා පමණි
අප සෞරග්‍රහ මණ්ඩලය බිහිවුනේ කෙළෙසකද ? මෙම ග්‍රහලෝකාගාර දර්ශනය මඟින් සෞරග්‍රහ මණ්ඩලයේ බිහිවීම, මුල්ම දුහුවිලි වළාවේ සිට අද පවතින ආකාරය දක්වා විස්තර කරයි. එහෙත් ඉතිරිව ඇති ගැටළුව නම් වෙනත් ආකාරයකට සිදු නොවී සෞරග්‍රහ මණ්ඩලයේ උපත දුහුවිලි වළාවක් හරහා සිදුවූයේ කෙසේද යන්නයි.
1990 වර්ෂයේ දී කක්ෂගත වූ දා පටන්, හබල් දූරේක්ෂය මඟින් විචිත්‍රවත් වූ අභ්‍යවකාශ ඡායාරූප හා ඉතා වැදගත් දත්ත රාශියක් විද්‍යාඥයින් හට ලබා දී ඇත. එමෙන්ම ආසන්නතම වස්තුවේ සිට විශ්වයේ අවසාන කෙළවර දක්වා දත්ත මෙමඟින් ලබාදෙයි.
අභ්‍යවකාශ ගවේශනයේ ආරම්භය අත්දකින්න! ප්‍රථම චන්ද්‍රිකාව වන ස්පුට්නික් 1 කක්ෂගත කිරීමේ සිට සඳ මත ගොඩ බැසීම දක්වා ද, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගොඩනැගීමේ සිට ප්‍රථම පෞද්ගලික අභ්‍යවකාශ චාරිකාව දක්වා ද වන වැදගත් සිද්ධීන් පෙළගස්වා ඇත.
වික්ටෝරියානු සමයේදී එච් එම එස් බීගල් නැවෙහි නැගී ලෝක ගවේෂණයේ යෙදෙන තරුණ චාල්ස් ඩාවින්ගේ චාරිකාව සමඟ එක්වන්න. වික්ටෝරියානු සමයේ ඒ වන විට සොයාගෙන ඇති බොහෝ භෞතික සිද්ධීන් ස්වභාවික නීතිය අනුව විස්තර කර ඇත. එහෙත් ජීවන කථාවෙහි වැදගත්ම යාන්ත්‍රණය ඒවන විටත් දැනසිටියේ නැත.
සමහරක් කාලය තරම් වියපත් ය, අමතක කල හැකි තරම් අඳුරුයි. ඉතිරිය දීප්තිමත්ව දැවෙමින් සිට අති විශාල පිපිරුම් සමඟ මිය යයි. නමුත් ඔවුන්ගේ සෑම අවධියක් පාසාම තරු, විශ්වයට ශක්තිය මුදාහරී. අප මණ්දාකිනියේ දුරස්ථම තාරකාව වෙත, සුන්දර සහ භයානක ගමනක් සඳහා එක්වෙමු.
තරුවක් සහ ග්‍රහලොවක් කෙසේ වෙනස් වේද ? අපට සුපුරුදු තාරකා රූප කොතනක සොයා ගත හැකිද ? ගැලිලියෝ විසින් මේ සියළු ගැටළු වලට පිළිතුරු සපයනු ඇත. ඔහුගේ පෞද්ගලික ජීවිත කථාව ඇසුරින් පෘථිවියට විශ්වයේ කේන්ද්‍රය වීමේ අවස්ථාව අහිමි වූයේ කෙසේද යන්න සොයා බලමු.
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය
මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත,
කොළඹ 07,
ශ්‍රී ලංකාව.
සියලුම හිමිකම් ඇවිරිණි. © 2022 ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය.
නිර්මාණය සහ සංවර්ධනය වයි.සී. ජයලත්.