2017 තාරකා විද්‍යා දින දසුන

2015 පෙබරවාරි 25 වෙනි බදාදා, 07:45 Geethanjana Wanigasekara
මුද්‍රණය

ජනවාරි 3, 4 - ක්වඩ්රන්ටිඩ්ස් උල්කාපාත වර්ෂාව

ක්වඩ්රන්ටිඩ්ස් උල්කාපාත වර්ෂාව එහි උපරිම තීව්රතාවයෙන් පවතින අවස්ථාවේ දී පැයකට උල්කාපාත 40 ක් පමණ දැකිය හැක. මෙම උල්කාපාත වර්ෂාව ඇතිවන්නේ 2003 EH1 නම් අභාවයට ගිය වල්ගාතරුවක් විසින් දමා ගිය දූවිලි අංශු වලින් බව විශ්වාස කෙරේ. සෑම වර්ෂයකම ජනවාරි 1 සිට 5 දක්වා මෙම උල්කාපාත වර්ෂාව දර්ශනය වේ. මේ වසරේ දී එය උපරිම තීව්රතාවයෙන් දැක ගත හැක්කේ ජනවාරි 3 රාත්‍රී සහ 4 පාන්දරට වන්නටය. මධ්‍යම රාත්‍රියට පසු අඳුරු ස්ථානයක සිට මෙය නැරඹීම වඩාත් සුදුසුය. උල්කාපාත විහිදෙන්නේ එඬේරා තාරකා රාශිය දෙසින් වුවත් අහසේ ඕනෑම තැනකින් උල්කාපාත දිස්විය හැක.

ජනවාරි 17 - අමාවක

මෙදිනට සූර්යයා සහ චන්ද්‍රයා යන දෙකම පෘථිවියට එකම පසකින් පිහිටන බැවින් රාත්‍රී අහසේ චන්ද්‍රයා දිස් නොවේ. රාත්‍රී අහසේ චන්ද්‍රාලෝකය නැති බැවින් එහි ඇති මන්දාකිණි, තරු පොකුරු වැනි අඩුවෙන් ආලෝකමත් ආකාශ වස්තූන් නිරීක්ෂණයට මෙය සුදුසුම අවස්ථාවකි.

අවසන් යාවත්කාලීන කිරීම 2021 ජනවාරි 06 වෙනි බදාදා, 12:37